සදාකාලික නොවූ ලෝකයේ - සුනිල් එදිරිසිංහ | Sadakalika Nowu Lokaye - Sunil Edirisinghe


සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්..
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්..//

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා..//
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා...

සදාකාලික නොවූ...

එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ..//
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ..

සදාකාලික නොවූ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : ආනන්ද අමරසිරි
සංගීතය : රෝහණ වීරසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - buddhikas

Comments

  1. ලෝක ධර්මතාව මොනවට පැහැදිලි කරන අපූරු ගීතයක්. මේ ගීත කවදාවත් පරණ වෙන්නෙවත්, එපා වෙන්නෙවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මේ වීඩියෝව දැම්මෙත් ඒකමයි...මෙතුමා ගීයට පෙර නිතර දෙන පෙරවදන තවත් වැඩිපුර හිතට දැනෙනවා..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...