මම එන්නෙ ඩුබායි රටේ ඉඳල - එම්.එස්. ප්‍රනාන්දු | Mama enne dubai rate indala - MS Fernando - sinhala lyrics


මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං

මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

එරන්දතී මට කැමැත්ත දුන්නැහැ
අම්ම තාත්තල මූණ බැලුවෙ නැහැ //
දැන්නං බලනව දුක සැප අහනව
මොකක්ද වෙනසක් සිදුවෙල තිබෙනව
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

මම එනතුරු සිව් වසරක් හිටියලු
මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවෙ ඇයි හිත රිදෙනවාලු
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

මංගල යෝජනා දවසට දෙක තුන
නැන්දල මාමල ආවද කොපමණ //
ආඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගෙ හිත එරන්දතී ගැන
එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක් හදල
ටීවී රේඩියෝ දාල
හම්බකරපු සල්ලි මා ළඟයි
මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියෙ මං

මම එන්නෙ ඩුබායි රටේ ඉඳල
සල්ලි හොඳට හම්බකරල
හම්බකරපු සල්ලි මා ළඟයි


ගායනය, සංගීතය, ගී පද - එම්.එස්. ප්‍රනාන්දු




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya

Comments