නුඹට හිතැති නුඹ හිත නැති - එඩ්වඩ් ජයකොඩි | Numbata hithathi numba hitha nathi - Edward Jayakodi - sinhala lyrics


නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා //

ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා //
රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා //
එවන් ලොවට මල් පාවඩ නුඹත් එළනවා

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - රඹුකන සිද්ධාර්ථ හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - lankastuff

Comments

  1. Listen to song : https://geemansala.com/songs/numbata-hithathi/

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...