එපා යළි හමුවෙන්න - සුනිල් එදිරිසිංහ | Epa Yali Hamuwenna - Sunil Edirisinghe


එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයායන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : දිශාන් නානායක්කාර
සංගීතය : කරුණාරත්න විජේවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk


Comments