එක යායේ කකා වැටී - සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්ධුල විජේවීර | Eka Yaye Kaka - Edward Jayakodi, Sunil Edirisinghe, Bandula Wijeweera


එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...

ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න
මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - A.D Chinthaka

Comments

  1. sawul geetha raw naganna ambiliya nidi karanna kiyana geethaya mama illuwa, but thawama no reply

    ReplyDelete
    Replies
    1. මේ ගීතය හෙව්වා. නමුත් හමු වුණේ නැහැ. ඔබට හැකි නම් ෆෙස්බුක් අඩවියේ ගීත ගැන කතා කරන කණ්ඩායමකින් අහල බලන්න. හමු වුණොත් අපටත් කියන්න :-)

      Delete
  2. මේ සින්දුවේ තේරුම නැද්ද?

    ReplyDelete
  3. වැදගත්..තවත් ලියපන් පුතේ..තෙරුවන් සරණයි...

    ReplyDelete
  4. එකටම හිටපු යාලුවෝ ටිකක්...ඒකෙන් ඉස්සෙල්ලම කෙනෙක් බදිනවා.එයා තමා මේ සෙට් එකේ හිටපු සුපිරිම කොල්ලා.විහිලුවෙන් තහලුවෙන් ඉන්නෙ...එයා බැන්දහම එයාට වෙනදා තියෙන නිදහස නැහැ.නාන්න ගියත් කන්න ගියත් බොන්න ගියත් වයිෆ්ට කියලා යන්න ඕන... තාම බැදලා නැති අය හිතනවා මම බැන්දහමනම් එහෙම ඉන්නේ නෑ කියලා...ඒත් බැන්දට පස්සේ එයාලටම තේරෙනවා එහෙම ඉන්න බෑ..එයාලත් ඉන්නේ වයිෆ් කියන විදියට කිය්ලා...

    මට හිතෙන්නේනම් මේක තේරුම

    ReplyDelete
  5. එකටම හිටපු යාලුවෝ ටිකක්...ඒකෙන් ඉස්සෙල්ලම කෙනෙක් බදිනවා.එයා තමා මේ සෙට් එකේ හිටපු සුපිරිම කොල්ලා.විහිලුවෙන් තහලුවෙන් ඉන්නෙ...එයා බැන්දහම එයාට වෙනදා තියෙන නිදහස නැහැ.නාන්න ගියත් කන්න ගියත් බොන්න ගියත් වයිෆ්ට කියලා යන්න ඕන... තාම බැදලා නැති අය හිතනවා මම බැන්දහමනම් එහෙම ඉන්නේ නෑ කියලා...ඒත් බැන්දට පස්සේ එයාලටම තේරෙනවා එහෙම ඉන්න බෑ..එයාලත් ඉන්නේ වයිෆ් කියන විදියට කිය්ලා...

    මට හිතෙන්නේනම් මේක තේරුම

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...