බංගලි වළලු ගෙන එන්නයි - ඇන්ජලීන් ගුණතිලක | Bangali walalu gena ennai poronduwa - Anjaleen Gunathilaka - sinhala lyrics


බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //

යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව

දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //



ගායනය - ඇන්ජලීන් ගුණතිලක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - අර්නස්ට් සොයිසා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Tony Jko

Comments

  1. තනුව සහ සංගීතය.....අර්නස්ට් සොයිසා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...