අද අපෙ තාත්තා - Funky Dirt | Ada Ape Thaththa - Funky Dirt


අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා..
මවෙත ඔරවලා අහපුදේට මට
කට උත්තර නෑනේ..

කාතෙක්ක ද බොල තෝ බස් හෝලට් ගානේ
අත් අල්ලන් ඉන්නේ..
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි
මං තොගෙ වැඩ දැක්කේ..

ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි
ඔබෙ ලේලිය වන්නේ..
ම්..කියපු ගමන් කන හරහට පාරක්
තාත්තා මට ගැහුවේ...

අයි අයි අයි උවයි අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ..
අයි අයි අයි උවයි අම්මියෝ
එලව එලව ගහනෝ..
ගහනවෝ - බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ..//

ලව් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ..
පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
අපට මෙතරම් බාධාදෝ...

එහෙනම් ඉදගෙන හිටගෙන
පෙරලි පෙරලි එලිවෙනකන් මල් කැඩුවා..
අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා...//

රුම්බාරේ කාලේ උම්බලාවගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ..
කොහොමද ඒ කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් ෆේස් බුක් තිබ්බෙ නෑ...
(ඔහෙ හිටු)

අයි අයි අයි උවයි අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි උවයි අම්මියෝ
එලව එලව ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ..//

ගායනය: Funky Dirt
පද රචනය : මුර්ෂාඩ් හුවයිස්
සංගීතය : ශෙනාල් මද්දුමගේ

 

වීඩියෝව ගත්තෙ මෙතනින් - Mahesh Chinthaka

Comments

  1. //අයි අයි අයි උවයි අම්මියෝ //
    පිස්සුද යකෝ?

    //අපට මෙතරම් බාධාදෝ...//

    පෙමකට මෙතරම් බාධාදෝ.

    //රුම්බාරේ කාලේ උම්බලාවගේ නොවේ අපි//

    (ඉ ) ලන්දාරි කාලේ උම්බලාවගේ නොවේ අපි

    කවුද යකෝ මේකේ පද ලියපු එකා!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...