චන්ද්‍ර මඬුල්ලෙන් - අමරසිරි පීරිස් | Chandra madullen - Amarasiri Peiris


චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක් //

ඉසි කෝ වා ‍රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්

චන්ද්‍ර මඬුල්ලෙන්...

තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියේ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්

චන්ද්‍ර මඬුල්ලෙන්... //


ගායනය - අමරසිරි පීරිස්


Comments

  1. විසපෝවා නෙවෙයි මචෝ, ඉසිකෝවා

    ReplyDelete
  2. පොපියා හස දෙන සුරවමියෝ යන්න පොපියා රස දෙන සුරවමියේ යන්නට වෙනස් විය යුතු

    ReplyDelete
  3. ස්තූති වේවා දෙපලටම! ඉසිකෝවා කියන්නෙ මොකක්ද කියල දන්නවද කවුරු හරි?

    ReplyDelete
  4. එතන මචං කියන්නෙ "ඉසි කෝ වා ‍රැළි" කියල,
    'ඊර්ෂ්‍යා, ක්‍රෝධ වා රැළි' කියන එක..

    නිහාල්, ඒක පොපියා 'හස' දෙන තමයි, තේරුම 'හිනාවෙනව' කියන එක

    ReplyDelete
    Replies
    1. මාරයිනේ... හලාහල විෂ ගැනත් දන්නවනං කියල දෙන්ට!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...