තන තම්දෙනා (මම ලෙංචිනා) - ඉන්දීවරී ආරියසිංහ | Thana thamdena (mama lenchina) - Indeewari Ariyasinghe - sinhala lyrics



තන තම්දෙනා තන තානෙනා 
සළු සෝදනා මම ලෙංචිනා 
ඔච්චම් කරන්නට නම් එපා මට
සළු වඩනා මැණිකේ කියා 
තන තම්දෙනා තන තනෙනා 
සළු සෝදනා මම ලෙංචිනා 

ගං ගොඩේ සිල් රෙදි පුරා 
මගේ අත් වලින් සුද ගෑවුනා 
පිං පිරී පුං සඳ මගේ 
පායයි කියා උන්නා බලා 
කෝ ඉතිං...
ලී කොලොම්බුව දොර පිලේ 
මිටි වී ගියා 

තන තම්දෙනා තන තානෙනා 
සළු සෝදනා මම ලෙංචිනා 
ඔච්චම් කරන්නට නම් එපා මට 
සළු වඩනා මැණිකේ කියා 
තන තම්දෙනා තන තනෙනා 
සළු සෝදනා මම ලෙංචිනා

මංගලම් ජය මංගලම් 
සුද අතුරලා ගම සැරසුවා 
පුන් කලස් වල පොල් මලින් 
පෙම් ගී සිලෝ පද වැහුනා 
මලවියා පිට මඟ ගියා 
මගේ පයට පාවඩ නෑ කියා 

තන තම්දෙනා තන තානෙනා 
සළු සෝදනා මම ලෙංචිනා 
ඔච්චම් කරන්නට නම් එපා 
මට සළු වඩනා මැණිකේ කියා 
තන තම්දෙනා තන තනෙනා 
සළු සෝදනා මම ලෙංචිනා 


ගායනය - ඉන්දීවරී ආරියසිංහ
තනුව හා සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Torana Video Movies

Comments