ප්‍රේමයේ මන්දහාසිනී - කරුණාරත්න දිවුල්ගනේ | Premaye mandahasini - Karunarathna Divulgane - sinhala syrics


ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී

තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා //
සඳත් වසන් වෙලා රැයත් මුදුන් කළා //
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී

මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
මී විතේ අමා පුරම් ද රත් ලවන් වෙලා //
සුසුම් බවන් ගලා හැඟුම් දියත් කළා //
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාදනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
තනුව/ සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr. Rohana Weerasinghe Official

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...