මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
ජෑස් ගයන ළඳ මං
ජෑස් වයන ළඳ මං
ජෑස් වයන ළඳ මං
කරකැවෙනා මනසා රැය සරසා
නේක ආස රස මම වින්දා
දැන දැන රැවටවෙනා සිත රවටා
රති සැපක සුව මම වින්දා
කුරුළු පියාපත් සිරකරලා නැත
කුරුළු පියාපත් සිරකෙරුවා මම
ඉගිලෙනු අකමැති ජෑස් ගයන ළඳ මං
අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට
දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත
වෙන්න මා මත් අමතක වෙන්න
දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට
නොබලන් මදෙස වෙසඟනක විලස
දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි
ඇහුණද දැණුනද ඒ දුක මසිත ගයන
සිනා මුවින් මේ සංගීතය මැද
එන්න මගෙ අතගන් රාග ලොවකට යං
ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්
ඇත මියැදුනු හීන ළමැද මැද එමට
එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ
ගයන ශෝක තනුවම විය
විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං
මට කුමටද රියැලිටිය
ස්වර වරණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
ජෑස් ගයන ළඳ මං
ජෑස් වයන ළඳ මං
ජෑස් වයන ළඳ මං
ගායනය - නුවන්දි එරංගා, රවි ජේ
තනුව හා සංගීතය - චරිත අතලගේ
ගී පද - චරිත අතලගේ
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...