ඉරුදින පමණක් නොව - අනිල් භාරතී | Iru dina pamanak nowa - Anil Bharathi - sinhala lyrics



ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක් //

සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ 
එලෙසින් අපේ ආදරයේ දළු ලියලන්නේ
දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ 
ඔබව පෙනෙන්නේ 
එනිසයි මා ඔබ දැකුමට හැමදා එන්නේ.. 

ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්

දෙකොපුල් වල ගැසෙන ලෙසින් ඔබ හිනැහෙන්නේ 
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ 
මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ 
නැත නිම වන්නේ 
කෙදිනද ඔබ මගේ අත ගෙන පැල වෙත එන්නේ

ඉරුදින පමණක් නොව තව දසදහස් දිනක් 
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් 
අද ඔබ දැක පිය නැඟුවත් සිත යලිත් වරක් 
හෙට වෙනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක් //


ගායනය - අනිල් භාරතී
සංගීතය - උපේන්ද්‍ර ප්‍රනාන්දු
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - ITN Sri Lanka

Comments