මං ඉතාලියේ තනිවුනා - ධනපාල උඩවත්ත | Man Ithaliye Thani Una - Dhanapala Udawatta - sinhala lyrics

 

මේ සෘතුවේ මිලානෝ සීතලයි..
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි..
ධූමෝ පල්ලියේ දේව හාස්කම් රැසයි..
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි..
එත්නා ගිනි කන්ද ඇවිලුනා..
හිත නිවාගන්න තවම බැරි වුනා..

සිරකුසා සිසිලියා දූපතේ කතා නියා..
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා..
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා..
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමෝ මං ඉතාලියේ තනි උනා..

පාදොවා මෙත් විලේ - සේදුවා පව් ජලේ..
පාදුවා පල්ලියේ - අන්තෝනි මුණි දිලේ..
බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ..
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ..
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා..
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා..

සිරකුසා සිසිලියා...//

අල්ලෝරා මං ඉතාලියේ තනි උනා..
චාවො මං ඉතාලියේ තනි උනා..

ගායනය : ධනපාල උඩවත්ත
නව ගායනය : ගයාන් උඩවත්ත
පද රචනය : ධනපාල උඩවත්ත
සංගීතය : ධනපාල උඩවත්ත
නව සංගීත සංයෝජනය : ගයාන් උඩවත්ත (Plus Minus)

 


 

වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

  1. මට ඔබව කන්ටැක් කරන්න පුළුවන් නම්බර් එකක් දෙන්න

    ReplyDelete
  2. ඉතාලිය (කොරෝනා නිසා) අන්ත අසරණ වුණා. පල්ලි වල මිනී කඳු ගොඩ ගැහුනා.
    දෙයියන්ගේ දෙකොන මූට්ටු වුණා.
    බොරුව අතේ පැලවුනා.
    🤭

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...