මා දවාවි - සිනෙත් ප්‍රනාන්දු | Ma dawawi - Sineth Fernando - sinhala lyrics



සිත පෑරී කඳුළැලි වැටේවි රූරා 
දහසක් පෙම් පැතුම් සීසීකඩ විසිරීලා 
විකසිත වූ පෙම් මල් අද පරවීලා 
අප මැවු සිහිනයන් නොසිතූ සේ බොඳ වීලා 
හිනැහිලා ලංවෙලා ආදරෙන් අපි සිටි එදා 
මතකයන් වියැකිලා


මන්දාරම් වැහි පොද වැටේවී
සිත් යායේ මතක රැළි නගාවී 
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනී වේ

ඒ හැම මතකයන් මා දවාවි
මට නොදැනිම මගෙ ඇස් බොඳ වේවී
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනි වේ


හද යා වූ හැඟුමන් හැම මියැදීලා 
ඔබ නැති මේ ලොවේ සදහට මා තනි වීලා
යළි කිසි දා ඔබ මට හිමි නැති හන්දා 
මේ හැම වේදනා සඟවා ඉමි දිවි තුරා
කඳුලකින් සුසුමකින් ගීයකින් කවියකින්
මා ඉමී දුක දරා....


මන්දාරම් වැහි පොද වැටේවී
සිත් යායේ මතක රැළි නගාවී 
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනී වේ

ඒ හැම මතකයන් මා දවාවි
මට නොදැනිම මගෙ ඇස් බොඳ වේවී
නිම්නාවිය ඈත ඉගිල යාවි
මා තනි වේ මා තනි වේ


ගායනය - සිනෙත් ප්‍රනාන්දු
තනුව - ස්ටෙෆාන් පාකියනාදන්
ගී පද - කෝසල ඩී. මධුරවීර



වීඩියෝව ගත්තෙ මෙතනින් - Sineth Fernando



Comments