ලතා මඩුල්ලක් - චන්ද්‍රානි ගුණවර්ධන, එඩ්වඩ් ජයකොඩි | Latha madullak katha karanawa - Chandrani Gunawardena, Edward - sinhala lyrics



ලතා මඩුල්ලක් කථා කරනවා 
සෙවනට එන්න කියා 
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ 
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා 
බෑ නවතින්න කියා 
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ

වෙන්වී යන්නේ රෑ තනියානේ 
තනිකම නොදැනේදෝ
ඒ තනියානේ තනිය මකන්නේ 
මතක සුවඳ නේදෝ 
උදයේ හමුවී හවසට වෙන්වී 
යළි හෙට හමුවේදෝ 
සදහට නැවතී ඉන්නට එන්නම් 
දෙසිතක් නැහැ නේදෝ

ලතා මඩුල්ලක් කථා කරනවා 
සෙවනට එන්න කියා 
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ 
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා 
බෑ නවතින්න කියා 
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ

රන් තරු යායේ සඳ පායන්නේ 
අප දැකලා නේදෝ 
ඒ හඳ පානේ අප හමුවන්නේ 
හෙට දිනයේ නේදෝ 
කල් බලමින්නේ දසැඟිලි ගැන්නේ
හමුවනතුරු නේදෝ 
මුදු පළඳින්නේ මුතු කරලන්නේ 
නැකත් බලා නේදෝ

ලතා මඩුල්ලක් කථා කරනවා 
සෙවනට එන්න කියා 
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ 
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා 
බෑ නවතින්න කියා 
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ


ගායනය - චන්ද්‍රානි ගුණවර්ධන, එඩ්වඩ් ජයකොඩි 
තනුව/ සංගීතය - සරත් දසනායක 
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ 


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya


Comments

  1. උත්තිය කුමාරයා (කැළණි)තිස්ස රජතුමාගේ අග බිසව එක්ක මොකක්දෝ හුටපටයක. දවසක් හැන්දෑවේ සිව්මැදුරු කවුළුවෙන් එපිට බලන රජතුමා දැක්කා දේවිය ලතා මඩුල්ලක් අස්සේ පෙමින් වෙලී සිටිනවා. රජතුමාට මලේ මළ.
    මේ සිංදුව ඇහෙන කොට මට මතක් වෙන්නේ ඒ සීන් එක. අන්තිමේදී අහක හිටපු මහ රහතන් වහන්සේ නමක් පණ පිටින් තෙල් කටාරමක දාලා ගිනි 🔥 තියන්න තරම් මේ ලව් එක දුර දිග ගියා.
    අද කාලේ වගේම තමයි එදාත්.
    මේ මළ ඉ ලව් නිසා අහක ඉන්න අය පනිශ්මන්ට් කනවා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...