ඔළිඳ කෙලින්ටයි ආවේ - රන්වල බලකාය | Olinda kelintai awe - Ranwala Balakaya - sinhala lyrics


ඔළිඳ කෙලින්ටයි ආවේ
පෝරුව නෑ මෙහේ
කල්ලි කෙලින්ටයි අවේ
කුට්ටා නෑ මෙහේ
පිල ඇහිඳින්ටයි ආවේ
කවුරුත් නෑ මෙහේ
අත්තාපල් මුත්තාපල්
දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම්
පුළුවන්නං හොයලා ගං ගං ගං ගං //


ඔළිඳ කෙලින්නට පංච දමන්නට
කෝ කෙල්ලන්
කෝ කෙල්ලන්
කල්ලි කෙලින්නට එල්ලෙ ගහන්නට
කෝ කොල්ලන්
කෝ කොල්ලන්
ගමේ නැතේ උන් සිදාදියේ

ඔළිඳ කෙලින්ටයි ආවේ
පෝරුව නෑ මෙහේ
කල්ලි කෙලින්ටයි අවේ
කුට්ටා නෑ මෙහේ
පිල ඇහිඳින්ටයි ආවේ
කවුරුත් නෑ මෙහේ
අත්තාපල් මුත්තාපල්
දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම්
පුළුවන්නං හොයලා ගං ගං ගං ගං


ඒරොප්පේ පන්නෙට පන්දු කෙලින්නට
රුසිරු වෙලා 
රුසිරු වෙලා
දුව පැන නටන්නට විස්කම් කරන්නට
හපන් වෙලා
හපන් වෙලා
අපේ එවුන් දැන් කෙරුමෝ වෙලා

ඔළිඳ කෙලින්ටයි ආවේ
පෝරුව නෑ මෙහේ
කල්ලි කෙලින්ටයි අවේ
කුට්ටා නෑ මෙහේ
පිල ඇහිඳින්ටයි ආවේ
කවුරුත් නෑ මෙහේ
අත්තාපල් මුත්තාපල්
දැන් මෙහෙ නෑ ඔය සෙල්ලම්
පුළුවන්නං හොයලා ගං ගං ගං ගං // 

පුළුවන්නං හොයලා ගං ගං ගං ගං ////


ගායනය - ප්‍රදීප් මුතුකුඩආරච්චි, සංගීත් කළුබෝවිල 
තනු නිර්මාණය - සහන් රන්වල, රන්වල බලකාය 
පද රචනය - සිසිර දිසානායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranwala Balakaya

Comments

  1. එදා කළ කෙලි සෙල්ලම්.... අද කාලේ ළමයි දන්නෙත් නෑ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...