පෙමක් ඕනෙ - දිමිත්‍රී රාජසිංහ(Dimi3) | Pemak One - Dimithri Rajasinghe(Dimi3) - Sinhala Lyrics

මට දෙන්න තරම් නෑනෙ හීන ගොඩක්
ගලපන්න පන්නං යන්න බෑ..
කට කොනක් අරන් දෙන්න හිනා පොඩ්ඩක්
වැලපෙන්න පදම් තවත් නෑ..

ඝන ගැලපුනත් හිත නැත්තං තවත්
මම ඉන්න වරම් ගත්තත් රෑ..
ශෘංගාරී නුඹත් මට දුන්න සුසුම්
අරන් යන්න තැනක් මට නෑ..

මාගෙන් මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා
ඈ මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ...මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා..//

ඔ ඕ පෙමක් ඕන...////

මාධවී මා දවාවි මදාවි
මා ඇඳේ දමාවී ඈ වයාවි වීනා
මාලතී මේ ලතාවේ විලාස සල්ලාප
අල්ලාපන් රාගේ ගයද්දී මා
පාරමී ප්‍රේම පා මා පතා තාම නෑ
ප්‍රේම ණී දෑස නින්ද ගේනා
රාගිනී ගේන රෑ නේන දා මේම ඉන්නේ මං
පාවෙන්නේ කෝම නේ දා..

මාගෙන් මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා
ඈ මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ...මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා..//

ගායනය : දිමිත්‍රී රාජසිංහ(Dimi3)
පද රචනය : දිමිත්‍රී රාජසිංහ(Dimi3) & APX
සංගීතය : දිමිත්‍රී රාජසිංහ(Dimi3)

 

වීඩියෝව ගත්තෙ මෙතනින් - Dimi3

Comments

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 6 කලා කෙත" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...