අපි ආයෙත් හමුනොවුනා නම් - සෝමතිලක ජයමහ | Api Ayeth Hamunowuna Nam - Somathilaka Jayamaha - sinhala lyrics

 

අපි ආයෙත් හමුනොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමුනොවුනානම්

ඔබ නාදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි..//
හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
අදත් විදින්නේ මා පමණයි...

අපි ආයෙත් හමුනොවුනා නම්..

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ...//
ආදරයේ කඳුලින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ..

අපි ආයෙත් හමුනොවුනා නම්..

ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : වික්ටර් රත්නායක


 වීඩියෝව ගත්තෙ මෙතනින් - Songs of Ajantha Ranasinghe

 

Comments

  1. ආයෙත් හමුවෙමු. දුකක් වුවත් එය මිහිරියි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...