හසඟනාවී - සිනෙත් ප්‍රනාන්දු | Hasanganawi - Sineth Fernando - sinhala lyrics


නුරා නෙතින් මා දෙස බලනා
හසඟනාවියක ලෙසින්
ප්‍රේමයේ කැල්මන් හෙලනා
මන්දහාසියේ ඉතින්
ඔබෙ ආදරේ අනුහසින්
ම’ජීවිතේ සනහාලයි

මියුරු ගීයක තැවරී 
හදම සිප ගනු මැනවී
ප්‍රේමයේ රස මිහිරී
ඔබය මා පැතු දෙව්ලී


පායනා සඳ සාවිය සේමා
ආදරේ වෑහෙනා
දිදුලනා තරු මල් සේමා
ආදරේ පොපියනා
මා හදේ ඈ කෙරේ 
රස ගී වැයේ ආදරේ

මියුරු ගීයක තැවරී 
හදම සිප ගනු මැනවී
ප්‍රේමයේ රස මිහිරී
ඔබය මා පැතු දෙව්ලී //


ගායනය - සිනෙත් ප්‍රනාන්දු
තනුව - ස්ටෙෆාන් පාකියනාදන්
ගී පද - කෝසල ඩී. මධුරවීර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Sineth Fernando


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...