සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ
වැහි දා ට කඩදාසි ඔරු හැදුවා මං
වැහි ලිහිණියෝ වැහි අරන්
දුර ඈත ගෙනිහිල්ල දැන් මම ඉතින්
කඩදාසි ඔරු තනි වුණා
වැහි නැතිව මග තනි වුණා /
සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ
එන දා ට ගම පැත්තේ මට ලීවෝතින්
මුතු අකුරෙන් පිටුවක් පුරා
බඩ වැටිය ලිඳ ගාව මම ඉන්නවා
දැක ගන්න මගේ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා
සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ
ගායනය, සංගීතය - ගයන්ත විජේරත්න
තනුව - සුරේන් ඩී
ගී පද - සුරේන් ඩීවීඩියෝව ගත්තෙ මෙතනින් - Gayantha Productions

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...