අමුඩේ 2 ගෑනු ගෑනුම තමයි අප්පා - සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය | Amude 2 Genu genuma thamai appa - Saman Lenin & Nilakshi Helapitiya


පොරොන්දම් 21 ම ගලපලා 
රාහු කාලේ පන්නලා 
හොඳම නැකතට ඇඳලා නිලමෙට 
අහල ගම් හතම හොල්ලලා 
ලෝන් ගහලා මඟුල් කාලා 
මං ගෙනාවා ගෑණියෙක් 

කටින් රට වට බතල හිටුවා
පුරාජේරුව පෙන්නලා 
ලස්සෙට කොඩිය දැම්මට 
නැට්ට පස්සෙ හංගලා 
පූස වගේ අපේ මහගෙදර 
බින්න බැස්සා පිරිමියෙක් 

මිනිහා ආවද ඇවිත් කෑවද 
කාලා නෑවද නාල කෑවද 
දැකලා නෑ මං හොයනවා 
ඒ වුණත් මඟහරින්නෙ නෑ අර 
හින්දි ටෙලි ටික බලනවා 

නොදැන හිටියට පිරිමි ටිපිකල් 
ගෑනු ෆ්‍රීඩම් හොයනවා 
රොමෑන්ටික් තැන් ෆීල් වෙන කොට 
අපෙත් ඇඟ පත රිදෙනවා 

මොකද්ද කිව්වේ? ඇහුන් නෑ..?

නෑ මේ.. මේ.. අපෙත් ඇඟපත රිදෙනවා 

ආ.. ඒක මිසක් 
මට ඇහුනෙ වෙන කුණුහරපයක් 

මාසෙකට දෙසැරෙකට අඩු නෑ 
සැලොන්ගානෙ දුවනවා 
උළං හුණු තලි පිටිං ආවම 
පාට වැටෙනව හිතනවා 

සරම ගලවපු වළලු බිම තෙත
තුවා ඇඳ උඩ දානවා 
මම ත් මගෙ කට ඇරියොතින් ඔය 
හෙළුව ලෝකෙට පේනවා 

පිලිවෙලක් නෑ ගෙදර වියදම් 
සල්ලි මත්තෙ ම නැහෙනවා 
හරකා වගේ මං ඉරිදටයි 
හවසටයි ඕටී කරනවා 

හපොයි ඔව් ඔව් 
පුදුම කැපවීමකින් ඉරිදට 
වැඩට යන බව පේනවා 
දුඹුරු දිග කෙස් ගසුත් ඉඳ හිට
කමිසවල නම් තියෙනවා 

කෝ කෝ.. ?

මට තමුසෙ එපා 

එපා..? 

කියපු වස් කවි කරපු හදි හූනියම් 
ගැන මං දන්නවා 
අම්මා කියූ තැනකට ගියා නම් 
මාත් සතුටින් ඉන්නවා 

ඕං ඕක නේ බැරි ඉතින් 
පුංචි දේටත් අඬනවා නේ
ආදරේ ගඟ තාම මගේ මේ පපුව ඇතුලේ 
ගලනවා හොඳේ 

දරුවො බල බල ගෙදර වැඩපල
කොහොම හරි මං කරනවා 
එව්ව දැන දැන එව්ව දැක දැක 
ආඩපාලිම කියනවා 

දෙන්නගෙන් අපි කවුරු කෙරුවත්
වැරදි මං සොරි කියනවා 
අදත් වෙනසක් නෑ ඉතිං සොරි
වරද මං පිලිගන්නවා 

හත්තිලව්වයි
බත රොස් වෙනවා 

බැඳගෙනම අත් පා 
ඉන්න විට දී ගිරිය පුප්පා 
ඈ බණියි අඩි පොළොවෙ හප්පා 
ගෑනු ගෑනුම තමයි අප්පා 

මේ ඒයි පොඩ්ඩක් මෙහෙ එනවද?

"අන්න මට කතා කරනවා"

අඬ දබර කොයි කාගෙ කාගෙත් 
ගෙවල් වල නම් තියෙනවා 
බත ඉදෙනකන් තමයි ඒවා
ඕං මට අඬ ගහනවා 

මේ එනවා මැණිකේ
මේ එනවා

ඔන්න මට අද ඔයාගෙ අතින්ම 
බයියන් කවන්න ඕන හරිද?

මගුලක් කතා කරනවා
ගෑස් ඉවරයි මිනිහෝ 


ගෑනු ගෑනු ම තමයි අප්පා


ගායනය - සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය
තනුව - සමන් ලෙනින්
ගී පද - ඩිල්ෂාන් පතිරත්න



වීඩියෝව ගත්තෙ මෙතනින් - Saman Lenin

Comments