පූරුවේ පිනකිනා - වොලී බැස්ටියන් | Pooruwe pinakina - Wally Bastiansz - sinhala lyrics


පූරුවේ පිනකිනා බෝ පෝසතුන් වුණා
ධනය වැඩියි මොකද කරන්නේ
රේස් ඇති වුණා හොඳ ජොකියො බෝ වුණා
පිං රජවරු පවා ගැටෙන්නේ

රේස් ඇති දිනේ මේ පිටියෙ මහතුනී
නොයෙක් ෆැෂන් ඇති කුමාරියෝ
රේස් පොතක් බලමිනේ අතන මෙතන දුවන්නේ
අල්ලන්නෙ නාකි අස්වයෝ
 
රේස් පොත අතේ ඕකමයි හිතේ
ංංංංංංං නිනව්වේ
පැරදුනොත් පුතේ ගෙදර යන්ට නෑ සතේ
පයින් තමයි ගමන ඉලව්වේ
    
හිතේ දිනන්ටයි පැරදෙන්නෙ කරුමෙටයි
පැරදෙයිද තියෙන පෝසතා
ෂුවර් හිට් තමයි ලණු කනව ගොන් ළමයි
නැති වෙනව රටේ දුප්පතා

ණය තුරුස් වෙන්නේ 
දිවි නසා ගන්නේ
සූදුව නිසයි සැම තැනේ
පවුල් අවුල් වන්නේ 
දරු කුසගින්නේ
අයිති වෙන්නෙ පාරෙ හිඟමන


පුංචි ලතා කෝ රේස් පොතක් දෙන්නකෝ
ඩබල් එකක් දමන්නයි හිතේ
මගෙ මැණිකෝ මගෙ ළඟට වරෙන්කෝ
හොඳ ඔය වගෙ නමක් නෑ පොතේ

කියන්නට හපන් කාටත් කටපාඩම්
අස්පයින්ගෙ පරම්පරාව
දරුවන්ගෙ මං වයස ඇහුවනං
මිනිහ කියයි අස්ස කතාව

ණය තුරුස් වෙන්නේ 
දිවි නසා ගන්නේ
සූදුව නිසයි සැම තැනේ
පවුල් අවුල් වන්නේ 
දරු කුසගින්නේ
අයිති වෙන්නෙ පාරෙ හිඟමන


රට කාසි දිනන්නා ගෙටනම් හිඟන්නා
සුපුරුදු පරයගේ ජීවිතේ
අම්ම මැරුණා කිව්වත් නොයයි ඒ ගොනා
ගෙදර පවුල දරුවො හාමතේ

රේස් අස්පයා හරිම යස්සයා
දුගියා ධනවතා කරාවී
ඒ මනුස්පයා වැළඳගත්තොත් අස්පයා
ධනවතත් පාරෙ හිඟාවී

ණය තුරුස් වෙන්නේ 
දිවි නසා ගන්නේ
සූදුව නිසයි සැම තැනේ
පවුල් අවුල් වන්නේ 
දරු කුසගින්නේ
අයිති වෙන්නෙ පාරෙ හිඟමන


ගායනය, තනුව, ගී පද - වොලී බැස්ටියන්

මේ ගීතයේ සදොස් තැන් නිවැරදි කිරීමට සහය වන්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - YouLanka

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...