නුඹ නැතිව නුඹම එක්ක - හර්ෂන දිසානායක | Numba nathiwa numbama ekka - Harshana Dissanayaka - sinhala lyrics
නුඹ නැතිව නුඹම එක්ක
හැන්දෑව ඇවිල්ලා
වෑ කණ්ඩියේ මෙතැනම
මා එක්ක නැවතිලා //
අලුත් වැස්සෙන් වැහී
ගොහොරු මඩ වෑ පතුලේ
අලුත් මල් පූදනා
සිරියාව වෑ තලේ
අලුත දැක්කා වගේ
බලා ඉමි තාමත්
ගමන් තාලෙන් නැගී
අවුත් නිල රළ කැටී
ගමන් කෙලවර හැපී
බිඳෙයි සුදු පෙණ කැටි
ගමන ගිමනක් කියා
නොහිතාම ඉමී
නුඹ නැතිව නුඹම එක්ක
හැන්දෑව ඇවිල්ලා
වෑ කණ්ඩියේ මෙතැනම
මා එක්ක නැවතිලා
මා එක්ක නැවතිලා
ගායනය - හර්ෂන දිසානායක
තනුව - හර්ෂන දිසානායක
ගී පද - සරණි බෝගහවත්තවීඩියෝව ගත්තෙ මෙතනින් - Harshana Dissanayake

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...