විනේ කටිනවුන්
විනේ කටිනවුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම
ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ග යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
විනේ කටිනවුන්
විනේ කටිනවුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම
ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වළඳන්ට
විනේ කටිනවුන්
විනේ කටිනවුන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම
ගායනය - ප්‍රදීපා ධර්මදාස
තනුව - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත පුෂ්පකුමාර
වීඩියෝව ගත්තෙ මෙතනින් - sanjeeva harshani

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...