වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/ අයිවෝ ඩෙනිස් | Waren heen sare - Sunil Santha/ Ivor Dennis - sinhala lyrics



වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ

සිසිල් පවන් බිබී
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ
හාවෝ පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ
පනින්නේ
හාවෝ
හාවෝ
අනේ හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිදන් තුරු හිමියා තුරුල්ලේ //
අන්න මහමූණා පියා සොයා හඹා යේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා
හීන් සැරේ බඩ ගා එනවෝ //
අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ
අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ
අයියෝ රිංගාලා බඩගාලා සීරීලා
මාමේ මාමේ
අනේ හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ


ගායනය, පදරචනය, සංගීතය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්

මුල් ගායනයේ ශ්‍රවණ තත්වය දුර්වල බැවින් පද සඳහා යොදගත්තේ පසුව අයිවෝ ඩෙනිස් මහතා ගයන ලද අනුවාදයයි

මුල් ගායනය


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya

අයිවෝ ඩෙනිස් මහතාගේ අනුවාදය


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hasitha Madhawa Gajadeera Arachchi

Comments

  1. These vedeos are superb. I really like the song "වරෙන් හීන් සැරේ රිදී වලාවේ"

    ReplyDelete
    Replies
    1. That is a more than 80 year old song, preserved by/at SLBC. These should be freely available. How much money one can make by claiming copyright? Very Sad

      Delete
  2. The copyright claim must be a joke.These are recordings available at SLBC. Don't they have a say?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...