සුදු ඇඳගෙන සඳ ඇවිදින් - කරුණාරත්න දිවුල්ගනේ | Sudu andagena sanda awidin - Karunarathna Divulgane - sinhala lyrics


සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


නුඹ මා ලොව කළුවර කර පැන ගිය පළියට
කෙළෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
තනුව - රෝහණ වීරසිංහ
පද - යමුනා මාලනී පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadee Nisansala

Comments

  1. හිතට දැනුනු ලස්සන පද වැලක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...