මන්දාරම් අඳුර මැදින් - ක්‍රීශාන්ත එරන්දක | Mandaram andura madin - Krishantha Erandaka - sinhala lyrics
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම් //
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ළඟින් //
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුණා
යන්නට තිබුණා
යන්නට තිබුණා
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා //
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා
බලන්න තිබුණා
බලන්න තිබුණා
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
ගායනය - ක්‍රීශාන්ත එරන්දක
සංගීතය - රෝහණ වීරසිංහ
පද - ගයාමන් දිසානායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - sanjeeva harshani

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...