තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ
පිණි වැටී තුරු වැල් නොසොල්වා
අපට රහසින් දොඩන්නට ඉඩදී උන්නා
තුරුණු මැදියම තුරුල්ලට ගෙන
නිශා බොළඳිය මල් වරම දුන්නා
මත් බිඟුන් මිදෙනා විරාමෙන්
සමන් කැකුළක් විළි වැදී සැඟවී උන්නා
ලොවම මොහොතක් නිසල වී අද
අපම අප ළඟ තනි වෙලා උන්නා
තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
තනුව - කලණි පෙරේරා
පද - ප්‍රියානන්ද විජේසුන්දර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...