දුටු දා ඉඳලා ලුහුබැන්දා - මොහිදීන් බෙග්, ජමුනා රාණී | Dutu da indala luhu benda - Mohideen Baig, Jamuna Rani - sinhala lyrics


දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවා ද මම පෙම් බැන්දා

රහසේ බැඳි පෙම් හෙළි වූ දා
පෙම් සැපේට වෙයි දෝ බාධා

බාධක අවහිර හිරිහැර නොමැතී
ආලය රස නැත සීදේවී
බෑ හරවන්නට පෙම් ගඟ නම්

දුටු දා ඉඳලා ලුහුබැන්දා

මට දැන් තනි නෑ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ
නොදැනේ ඔබ ළඟ දුක සෝකේ

රහසේ බැඳි පෙම් හෙළි වූ දා

අනගි සුරබිදෙන සිතු දේ සාදන
නැළවේ මධුරිය ඔබ සිටිනා තැන
අද ඉඳලා කිරි ඉතිරේවී

දුටු දා ඉඳලා ලුහුබැන්දා

ඔසවන අඩියක් අඩියක් පාසා
ඔබගේ දියුණුව සැලසේවා
ප්‍රේම ප්‍රදීපය බැබළේවා

රහසේ බැඳි පෙම් හෙළි වූ දා
පෙම් සැපේට වෙයි දෝ බාධා

දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවා ද මම පෙම් බැන්දා


ගායනය - මොහිදීන් බෙග්, ජමුනා රාණී
තනුව - තෙළිඟු තනුවක් ඇසුරින්
පද - කරුණාරත්න අබේසේකර, එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය - ශූරයා (1957)




වීඩියෝව ගත්තෙ මෙතනින් - යුග යුග රැඳි යුග ගී

Comments

  1. දෙන්නම ලස්සනට ගී ගයනවා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...