හිරු නිවෙනා මල් පිපෙනා - චන්දන ලියනාරච්චි | Hiru niwena mal pipena - Chandana liyanarachchi - sinhala lyrics
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
නුඹ වෙන් වූ එම දිනයේ
ඒ වෙනුවෙන් හෙලන සුසුම්
හද කැල්මක තුරුළු වෙලා
ලොවට හොරෙන් හද හැඬවෙයි
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
නුඹේ නමින් ලියනා මෙය
මතු දිනයක ගැයෙනා කල
නුඹ වෙනුවෙන් මල් පීදෙන
අරුණු ලොවක මිහිර දැනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - නිහාල් ගම්හේවා
පද රචනය - රත්නසිරි කෝට්ටගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ratnasiri Kottage

nordbain-dzu Keith Sacra Crack
ReplyDeletekitticudi