සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්..
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්..
මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්..
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..
සිනාවකට වඩා ඔබේ...
ගායනය : නෙළු අධිකාරී
පද රචනය : පී. එච්. කේ. රත්නසිරි
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Pivithuru Madurangana

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...