උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං ...///
ගායනය : සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sangeeth Wijesuriya

niyamaaai
ReplyDelete