කල්‍යාණියෙ ඔබ නෑසූ - ජේ.ඒ. මිල්ටන් පෙරේරා | Kalyaniye oba nesu - J.A. Milton Perera - sinhala lyrics
කල්‍යාණියෙ ඔබ නෑසූ
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilina Weerawardana

Obe adara bara mahimayatai, gee liyawenne.....
ReplyDeleteThnx KA & MP..