දුක ඇස් දෙකෙන් පුරවලා - සංගීත් විජේසූරිය | Duka As Deken Purawala - Sangeeth Wijesooriya - sinhala lyrics


දුක ඇස් දෙකෙන් පුරවලා..
කඳුළු අතර මාව තනිකලා..
විශ්වසය ඔයා කඩකලා..
වෙන හිතක් කෙරේ ලංවෙලා..//
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

වෙන කාටවත් නොදී මං..
දුන් ආදරේ ඔබටමයි..
මා හැරදමා ඔබ ගිහින්..
කොයි සිටිනවා දෝ..
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

යටිහිතේ ඔයා තියන් මං..
අද ඉන්නවා මැරි මැරී..
දුන් දුකට නෑ තරහ වී..
ඔයා ඉන්නකෝ සිනාසී..
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//

දුක ඇස් දෙකෙන්...

ගායනය : සංගීත් විජේසූරිය
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : සත්සර කසුන් පතිරණ, දුලිප් මිරැන්ඩෝ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments