හවසට පායා අරුණේ සැඟවෙන - ග්‍රේෂන් ආනන්ද | Hawasata paya arune sangawena - Greshan Ananda - sinhala lyrics


හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //

රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ //
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ

සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ //
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //


ගායනය - ග්‍රේෂන් ආනන්ද
මුල් ගැයුම - ස්ටැන්ලි පීරිස්
තනුව - ස්ටැන්ලි පීරිස්
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Krishantha Tissera

Comments