උපන් බිමට කිසිදා - විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල | Upan Bimata Kisida - Vijaya Kumarathunga, Malani Bulathsinhala - sinhala lyrics
උපන් බිමට කිසිදා ගරහන්න එපා
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ
උපන් බිමට...
අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ...
උපන් බිමට...
ගායනය - විජය කුමාරතුංග සමග මාලිනී බුලත්සිංහල
වීඩියෝව ගත්තෙ මෙතනින් - maasithgathgee


Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...