චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් - නන්දා මාලිනී | Chandramandulu yata suranganawan - Nanda Malini - sinhala lyrics


චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ


ගායනය, සංගීතය - නන්දා මාලිනී
ගී පද - මහින්ද අල්ගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

Comments

  1. //දූ අල්ලන්නට හැන්දෑ යාමේ
    මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
    ධීර දුවේ මා බිය නොම වන්නේ
    සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ//

    මේ කොටස පොලිටිකල් කරෙක්ට්නස් නිසා කපා දමන ලදී... සාමාන්‍යයෙන් අහන්න ලැබෙන වර්ෂන් එකේ ඒ කොටස නැහැ...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...