අවදිවන්න අවදිවන්න - සී.ටී. ප්‍රනාන්දු | Awadiwanna Awadiwanna - C.T.Fernando - sinhala lyrics


අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ..//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ ...

අවදිවන්න අවදිවන්න..

දුක සපදෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ..//
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ....

අවදිවන්න අවදිවන්න...

ගායනය, තනුව - සිරිල් ටියුඩර් ප්‍රනාන්දු (සී.ටී.ප්‍රනාන්දු)
සංගීත - පැට්‍රික් දෙණිපිටිය
පද - කරුණාරත්න අබේසේකර



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. Oka oirginal eka, Priyanthage Thatha CT(cyril Tuder) Fernando,ge neda? 1970wedi witharath guwanviduliyen ehuna.(ranjan)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔන්න සම්පූර්ණයෙන්ම තාත්තගෙ නමට වෙනස් කලා.. :)
      ස්තූතියි...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...