මගෙ ආදර රත්තරනේ - උපාලි කන්නංගර | Mage adara raththarane - Upali Kannangara - sinhala lyrics


මගෙ ආදර රත්තරනේ
නුඹ දැක්ක දොහේ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳ පාන වගේ සොබනා
සිරියාවි මනාප වෙලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත් දා මගුල් කනවා //

මාල අරුංගල් කූඩු තනාගෙන
එන්ට හිතා ඉන්නේ
හීන දකින්නෙ මනාපෙ නුඹේ
දැනගන්ට නොවෑ හනිකේ
ආල නුරා හිත කීරි ගැහෙයි
පිටුපාල ගියොත් මැණිකේ
නාවෙ මොකෝ අද තාම අනේ
මම පාර බලා ඉන්නේ

මගෙ ආදර රත්තරනේ
නුඹ දැක්ක දොහේ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳ පාන වගේ සොබනා
සිරියාවි මනාප වෙලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත් දා මගුල් කනවා

ඈත තියා දැක යන්නෙ මොකෝ
මාව දැක්ක නොදැක්ක වගේ
යන්ට ගිහින් ලැජ්ජාවෙ වගේ
නොපෙනෙන්ට හිනාවෙන්නේ
ආයෙ හැකක් නැහැ ආල හිතක්
ඇතුවාට මොකෝ මැණිකේ
කෝල වෙවී මට තාම අනේ
බහ දෙන්ට පමා වෙන්නේ

මගෙ ආදර රත්තරනේ
නුඹ දැක්ක දොහේ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳ පාන වගේ සොබනා
සිරියාවි මනාප වෙලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත් දා මගුල්කනවා //


ගායනය, සංගීතය - උපාලි කන්නංගර
ගී පද - සිනෙත් බැද්දගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - sih1985

Comments