බකිණි ගහේ බකිණි මලින් - නන්දා පතිරණ, එඩ්වඩ් ජයකොඩි | Bakini gahe bakini malen - Nanda Pathirana, Edwerd Jayakodi - sinhala lyrics



බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ //
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ //
හනිකට එන්නේ හනිකට එන්නේ

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ තනියමැ එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ //



ගායනය - නන්දා පතිරණ, එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ඩෝල්ටන් අල්විස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

Comments

  1. Can never 4get this nice songs....

    ReplyDelete
  2. Can you give meaning of this song

    ReplyDelete
  3. මට මුලින්ම මේ ගීතය වගේම එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීත තියෙන කැසට් පටයක් අහන්න ලැබුනේ මට අවුරුදු 7 දි , ඒ නොතේරුම් කාලෙ ඉඳන්ම මම මේ ගීතයට වහ වැටුණා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...