ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ආවා ආදරෙන් රන් කැළුම් දිදී
සඳ පිරිලා නැගුණා සේ
මාගේ ජීවන අම්බරේ
තරු වහැලා දිලුණා සේ
මාගේ ජීවන අම්බරේ
මා සිතූ පෙර මා පැතූ
පැතුමන් ලෙසේ
ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ආවා ආදරෙන් රන් කැළුම් දිදී
මල් පොපියා පිපුණා සේ
පාළු මා හද විල් තලේ
රණ තිසරා සරනා සේ
පාළු මා හද විල් තලේ
ආ දිනේ ඔබ ආ දිනේ
මතකයි ළඳේ
ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ආවා ආදරෙන් රන් කැළුම් දිදී
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...