ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ - එඩ්වඩ් ජයකොඩි | Gan iwure thuru latha madulle - Edward Jayakody


ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි //

ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි

සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝර ගලා...
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි //


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුසුම් පීරිස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk

Comments