දිළි දිළි දිළිසෙන එළියක් - එම්.එස්. ප්‍රනාන්දු | Dili dili dilisena eliyak – MS Fernando - sinhala lyrics


දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ //

නැකතට පෝරුවේ
තැලි පිළි නැතිවට
දෑවැදි රන් පොදි
පැතුවේ නැතිවට
ලොකුවට මඟුලක්
ගත්තේ නැතිවට
ලොක්කා ගෙනා මනමාළිය
හරි පිං පාටයි
හරි පෙම් පාටයි

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ

ලොක්කන් වූවත්
ලොකු අඩුවක් ඇත
නෝනෙක් නැත්නම්
කිසි එළියක් නැත
ඔක්කොම එක්කල
වැනි ලොව සම්පත
ලොක්කා ගෙනා මනමාළිය
හරි සිරියාවයි
කිරි උතුරා යයි

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ

අද වැනි කනබොන
දවසක් ඇතිදෝ
අද නොම නටනා
නැටුමක් වෙතිදෝ
මංගල දිනයක්
මේ වැනි කොහිදෝ
ලොක්කා ගෙනා මනමාළිය
ගැන සංතෝසයි
හරි සංතෝසයි

දිළි දිළි දිළිසෙන එළියක්
එළියෙන් දෙන කළඑළියක්
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ

කළුගල් අතරට මැණිකක්
පහල වෙලා ඇත්තේ ////


ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - සිරිල් ඒ. සීලවිමල
එච්. ඩී. ප්‍රේමරත්නගේ 'සිකුරුලියා චිත්‍රපටියෙන්'




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhala Old Songs

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...