සිහින් සිනාවයි - ක්ලැරන්ස් විජේවර්ධන, ගෝල්ඩන් චයිම්ස් | Sihin sinawai obe lapati muwe - Clarance Wijewardena, Golden Chimes


සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ


පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නෑනේ
නෙතේ සහනයක් නෑනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා


සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ


පැතුම් පිරුණු ඔබෙ මුහුණේ
සිතුම් මට කියා නෑනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නෑනේ
නෙතේ සහනයක් නෑනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා


සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ

ඔබයි මනාලිය මගෙ සිහින ලොවේ ///


ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන, ගෝල්ඩන් චයිම්ස්
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments