ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා //
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
ඔය සුරත දරා සිටියා ////
ගායනය - හෙන්රි කල්දේරා
තනුව - හෙන්රි කල්දේරා
පද - හෙන්රි කල්දේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - SRI LAKMASTER

meaning plz
ReplyDelete