මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ //
සොඳුරු බවින් යුත් අතීතයක්
මට නෑ හිමි වී ඇත්තේ
ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
ඔබ වෙත මා ළං වන්නේ
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ
සැනසුම් සුවයක සේයාවක්
ඉතිරිව නෑ ඔබ ඇසුරේ
සුපුරුදු තනිකම විතරද උරුමය
මට මේ මුළු දිවියේ
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ
කොයිබද නැහැ මා දන්නේ ///
ගායනය, සංගිතය - නදීක ජයවර්ධන
ගී පද - චාමින්ද රත්නසූරිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - TheMusickSpace

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...