වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //
කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි
මලේ පැණි නැති පවතින්නේ
පැණි හිඳිලා මල පර වෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරෝ නැත එහි යන්නේ
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //
ගායනය - ඇනස්ලි මාලෙවන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - AudiXvi

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...