පාවී...
පාව යන්න වැහි වලාකුල
මේ ගිණියම් අව්රැස මට විඳගන්න හැකි
දුර කඳු නිම්න තැනිතලා
පසුකර යන්න ඈ වෙතට
තෙතමනයක් නැති ඇගේ හදට
මහ වරුසාවක් වී හැලෙන්න
මහ වරුසාවක් වී හැලෙන්න
කතරක දුක උහුලාගෙන
මට ඉන්න හැකි
ඉපල් නැගෙන අතුපතරින්
හමනා උණුසුම ඉවසාගන්න හැකි
කතරක දුක උහුලාගෙන
මට ඉන්න හැකි
ඉපල් නැගෙන අතුපතරින්
හමනා උණුසුම විඳගන්න හැකි
මහ වරුසාවක් වී හැලෙන්න
මහ වරුසාවක් වී හැලෙන්න
ගිම්හානේ අහසට
මට ලොල් බඳිත හැකි
තරු එළියක මද කැල්මෙන්
වෑහෙන පිණි පොද උහුලාගන්න හැකි
ගිම්හානේ අහසට
මට ලොල් බඳිත හැකි
තරු එළියක මද කැල්මෙන්
වෑහෙන පිණි පොද උහුලාගන්න හැකි
මහ වරුසාවක් වී හැලෙන්න
මහ වරුසාවක් වී හැලෙන්න //
ගායනය - ලෙලුම් රත්නායක
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - avdura

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...