ඇස් තිබුණට පේන්නෙ නෑ - දෙව්මිණි බන්සූරි මැද්දෙගොඩ (ළමා ගී) | Es thibunata penne ne - Dewmini Bansuri Maddegoda
ඇස් තිබුණට පේන්නෙ නෑ
කන් තිබුණට ඇහෙන්නෙ නෑ
කෝටු වගේ අත් තිබුණත්
පොඩ්ඩක්වත් හෙල්ලෙන් නෑ ////
කන්න ලැබෙන්නෙත් නෑ මට
බොන්න ලැබෙන්නෙත් නෑ
කොච්චර මම වැඩ කෙරුවත්
කිසිම ගෙවීමක් නෑ //
කොච්චර මම වැඩ කෙරුවත්
කිසිම ගෙවීමක් නෑ
ඇස් තිබුණට පේන්නෙ නෑ
කන් තිබුණට ඇහෙන්නෙ නෑ
කෝටු වගේ අත් තිබුණත්
පොඩ්ඩක්වත් හෙල්ලෙන් නෑ
තුවක්කුවක් අතට නැතේ
පොල්ලක්වත් අතට නැතේ
හේන් කුඹුරු මුර කරනා
පඹය මමයි ඉන්න ගෙදර //
හේන් කුඹුරු මුර කරනා
පඹය මමයි ඉන්න ගෙදර
ඇස් තිබුණට පේන්නෙ නෑ
කන් තිබුණට ඇහෙන්නෙ නෑ
කෝටු වගේ අත් තිබුණත්
පොඩ්ඩක්වත් හෙල්ලෙන් නෑ //
ගායනය - දෙව්මිණි බන්සූරි මැද්දෙගොඩ
සංගිතය - කපිල මැද්දෙගොඩ
ගී පද - මෙරිල් වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - kapila meddegoda

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...