තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ මට
ඉඟිලෙන්නම් සිහිනයේ ඉම සොයා
ඈතට පාවී ඈතට පාවී
යන්න මගේ කල්පනා
බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී
සිතුවම් ඔබේ සිනා
දේදුණු පාට පාට ලෝකේ
තනි වෙමුදෝ තනි වෙමුදෝ
පාවෙන මංමත් සිහිනේ
හැර යමුදෝ හැර යමුදෝ
පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා
ඔබේ දෙපා මුළ ඒ දෙපා මුළ
නැවතුනු මගේ ජීවේ
මෙලොවක් නැතිකර
තෙලොවක් යා කල
මගේ සොඳුරියේ
හමුවූ මුල්ම දිනේ
ලොවම නැවතුනා නැවතුනා
රැඳුණා හදේ රැඳුණා
සිත සැළුණා සැළුණා
පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා
හැරදා යන්න මට තනි වන්න
මගේ කිඳුරියේ
අවසර දෙන්න මට අවදි වෙන්න
නොනිමෙනා සිහිනයෙන්
ගායනය, සංගීතය - ජය ශ්‍රී
වීඩියෝව ගත්තෙ මෙතනින් - malithlowe

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...